අවසන් සටනට ඇදිහිය නොහැකි ලෙසින් කඩාවැදුණු ‘සිංහ පිළ’ තැබු වාර්තා බංගලියන්ට හිසරදයක් වෙයි
ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශය අතර අද පැවැත්වීමට නියමිත තුන් කොන් තරඟමාලාවේ අවසන් තරඟය පැවැත්වීමට නියමිතව ඇති අතර තරඟාවලියේ ආරම්භයේ සිට සුපිරි දක්ෂතා පෙන්නුම් කල බංගලාදේශ කණ්ඩායම සහ තරඟාවලියේ අවසාන කොටසේදී තරඟාවලියට හොඳින් අවතීරණ වුන ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයේදී කුමන අකාරයේ හැසිරෙනු ඇත්ද යන්න මේ වන විට මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වී ඇත.
අවසන් තරගයෙන් එළියට විසිවීමේ එළිපත්තට තල්ලු වී සිටි ශ්‍රී ලංකාව අවසන් තරගයට කඩාවැදුණේ ඇදහිය නොහැකි ආකාරයෙනි එහෙත් අතීතය සිහිපත් කරන්නෙකුට නම් ශ්‍රී ලංකා පිලේ එම කඩාවැදීම ඔවුන්ගේ පැරණි තරග විලාසයට නැවතත් අවතීර්ණවීම මිස වෙන යමක් නොවන බව පෙනේ.
සැත්කම්යන්න සංගක්කාර – මහේල යුගයේදී අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භාවිතා කරන ලද විශේෂණ පදයක් වියශ්‍රී ලංකාකණ්ඩායම හඳුන්වන ලද්දේ “ශ්‍රී ලංකා සැත්කම් කණ්ඩායම” ලෙසිනි එයින් අදහස් වූයේ ශල්‍යාගාරයක සැත්කමක් කරමින් සිටින කණ්ඩායමක් මෙන් සියලුම දෙනා තම තමන්ගේ කටයුතු 100% ක් නිවැරදිව කිරිමයි.
බ්‍රහස්පතින්දා පැවැති තරගයේදීත් දැකගත හැකිවූයේ එයම මිස අනෙකක් නොවේ ලකුණු 16 ක් තුළදී මුල් පෙළ කඩුලු 3 ක් බිම දැමූ වේග පන්දු යවන්නෝ සෙස්සන්ට කිසිවක් ඉතිරි නොකරම තමන්ගේ කාර්යය අහවර කළහ. ලද අවස්ථාවේදී ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් ලක්ෂාන් සඳකැන් බංග්ලාදේශ ඉනිම නිමා කිරීම හේතුවෙන් අසේල ගුණරත්නට හෝ අකිල ධනංජයට පන්දුව අතට ගැනීමටවත් නොහැකි විය.
විශිෂ්ට පන්දු විසිකිරීමකින් සකිබ් අල් හසන්ගේ ගමන නවතාලූ ධනුෂ්ක ගුණතිලක ටමීම් ඉක්බාල්ගේ උඩපන්දුව සොයා පියාඹා ගියේ සෙසු පන්දු යවන්නන්ට දිනයේ වට්ටෝරුව කුමක්ද යන්න කියාදෙමිනි අදහාගත හැකිද? ඔව්…මේ ශ්‍රී ලංකා කණ්ඩායමයි වසර එකහමාරකට ආසන්න කාලයක් අමතකව තිබූ ඔවුන්ගේම රිද්මයයි ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලාංකීයයන්ටම අනන්‍ය වූ කලාවයි.
අද තරඟයට ද මෙම තරඟාවලියේ ආරම්භයේ සිට දක්නට ලැබුන යහපත් කාලගුණ තත්වය පවතිනු ඇති බවට බංගලාදේශයෙන් වාර්තා වන අතර ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පිළිබඳව මේ වන විටත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් වී නැති අතර බංගලාදේශ කණ්ඩායමට බොහෝ විට ඉමරුල් කයිස් කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
තරඟාවලිය පුරාම ලකුණු අතර සිටීමට අසමත් වූ ආරම්භක පිතිකරු එනමුල් හක් බොහෝවිට කණ්ඩායමෙන් ඉවත් කරනු ඇති බවට වාර්තා වන අතර කයිස් කණ්ඩායමට පැමිණිය හොත් කයිස් තමීම් සමඟ බංගලාදේශ ඉනිම ආරම්භ කරනු ඇත.
බංගලාදේශ කණ්ඩායමේ ඉකුත් තරඟයට ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතරින් අනෙකුත් ක්‍රීඩකයන්ගේ වෙනසක් අපේක්ෂා කල නොහැකි අතර ඒ අනුව හෙට ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන කල හැකි බංගලාදේශ කණ්ඩායම මෙසේය.
Tamim Iqbal, Imrul Kayes, Shakib Al Hasan, Mushfiqur Rahim(w), Mahmudullah, Sabbir Rahman, Abul Hasan, Nasir Hossain, Mashrafe Mortaza(c), Rubel Hossain, Mustafizur Rahman.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ ඇතිවූ ආභාදයන් සමඟ අවසානය වන විට වෙනස් කම් සමඟ පැමිණ ,බංගලාදේශය විශිෂ්ට ලෙස පරාජයට පත්කළ කණ්ඩායම අවසන් තරඟය සඳහාද වෙනසකින් තොරව ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාස කල හැකි අතර හෙට තරඟය තිසර පෙරේරාට සුවිශේෂී වන්නේ කඩුලු 149 ක් ලබා සිටින තිසර කඩුලු 150 සීමාවට කඩුලු 1ක් මෙපිටින් සිටීම නිසාය.
එමෙන්ම මේ තරඟයේ සුරංග ලක්මාල් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුව හොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 100 ලබාගත් ක්‍රීඩකයන් අතරට පිවිසෙන අතර ඔහුටද එම නිසා මෙම තරඟය විශේෂ වේ.
ශ්‍රී ලංකාව වසර 2009 සිට මේ දක්වා මිර්පූර්හිදී අවසන් මහ තරග තුනකට මුහුණ දී තිබේ. බංග්ලාදේශයට එරෙහිව 2009 දීත්, ඉන්දියාවට එරෙහිව 2010 දී සහ පාකිස්තානයට එරෙහිව 2014 දී එම තරග පවත්වා ඇති අතර එම තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. එම අවසන් මහ තරග තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය හඹා යමින් ජයග්‍රහණය කර ඇත.
මින් ශ්‍රී ලංකාවට වටිනාම ජයග්‍රහණයක් මෙම මීන්පුර් ක්‍රීඩාංගනයෙදී ලැබී ඇත්තේ 2014 ඉන්දියා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනාගැනීමය මෙවැනි සුන්දර මතකයන් ඇති මීන් පුර් ක්‍රීඩාංගනයේදී හෙට ශ්‍රී ලංකාවට තවත් සුන්දර මතකයක් ඉතිරි වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
හෙට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායDanushka Gunathilaka, Upul Tharanga, Kusal Mendis, Dinesh Chandimal(c), Asela Gunaratne, Niroshan Dickwella(w), Thisara Perera, Suranga Lakmal, Lakshan Sandakan, Akila Dananjaya, Dushmantha Chameera.

Comments
Post a Comment