බංග්ලාදේශයේ ඩකාහිදි අද 27 වැනිදා පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 221ක් රැස් කිරීමට සමත් විය ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු උපුල් තරංග ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් හතරේ පහර 05ක් සමගින් ලකුණු 56ක් රැුස් කළ අතර දික්වැල්ල සමග එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුනු 71ක සම්බන්ධතාවක්ද පැවැත්වීය.මුස්ටෆිසූර් රෙහෙමන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවීයන විට පන්දු 99 කදී හතරේ පහර පහක් සමගින් ඉනිම අලංකාර කර තිබුණි.

උපුල් තරංග දැවී ගිය පසු අසරණ වු ශ‍්‍රී ලංකා පිළට බලාපොරොත්තුවක් එක් කරමින් ඉවසිලිවන්ත ඉනිමක් ක‍්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් එක් හයේ පහරක් සමගින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වියධනංජයද සිල්වා17 සමග එක්ව හත්වැනි කඩුල්ල සදහා ඉතාමත් වටිනා ලකුණු 27ක් එක්කල චන්දිමාල් රූබල් හුසෙන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක මුළු ලකුණු සංඛ්‍යාව 8 ක් වනවිට දැවී යාමත් සමගින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා උපුල් තරංග සමගින් එක්ව පන්දු 19 කදී ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. හතරේ පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භකළ කුසල් මෙන්ඩිස් විසින් මෙහෙදි හසන් යවනලද තරගයේ පස්වැනි ඕවරයේදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 24 ක් ලබාගැනිමට සමත්විය. දිගින් දිගටම පහරවල් කරා යෑම හේතුවෙන් පන්දු 9 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 28 ක් ලබාගත් කුසල්ට කඩුල්ල පූජාකර පිටියෙන් ඉවත්වන්නට සිදුවිය.

ඕවර 10 ට මෙපිටින් කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල අතර ලකුණු ලබාගැනීමේ වේගය මදක් අඩාලවිය. 12 වැනි ඕවරයේදී හතරේ සිමාව කරා පන්දුවක් ඇඳී යාමෙන් අනතුරුව නැවත පන්දුවක් හතරේ සීමාව කරා යැවීමට හැකිවූයේ ඕවර 9 කට පසුව වීම හේතුවෙන් 6.08 ක්ව පැවැති ලකුණු ලබාගැනීමේ වේගය 4.71 ක් දක්වා පහත වැටුණි නොසිතු අකාරයෙන් ඉහළ නැගි පන්දුව පිත්තේ ඉහළ දාරයේ වැදී සබීර් රෙහෙමාන්ට උඩපන්දුවක් යෑම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට සිය ඉනිම ලකුණු 42 දි අවසන් කිරීමට සිදුවිය.

ලකුණු 19 ක් ලබාසිටියදි කඩුල්ල මුවා කිරීමේ වරදට නිරෝෂන් දික්වැල් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු විසින් තීරණය කළ අතර ඉන් සැහීමකට පත්නොවූ ඔහු විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. තෙවැනි විනිසුරු විසින් පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ දාරයේ වැදියන ආකාරයක් දිස්වීම හේතුවෙන් දික්වැල්ලට නැවත වතාවක් පන්දුවට පහරදිමට අවස්ථාව හිමිවිය.

අවස්ථා දෙකකදී නිරෝෂන් දික්වැල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට බංග්ලාදේශ නායකයා තීරණය කළේය. එක් අවස්ථාවක පුණරූපන නැරඹීමේදී පන්දුව කඩුල්ලේ වදින ආකාරයක් දිස්වුවද දැවීයාමකට නම් පන්දුවෙන් හරි අඩක් කඩුල්ලේ වැදිය යුතු බැවින් දික්වැල්ල දැවී නොයන බව තෙවැනි විනිසුරු විසින් තීරණය කළ අතර අනෙක් අවස්ථාවේදී පන්දු කඩුල්ලෙන් පිටතට යෑම හේතුවෙන් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව ඔහුට හිමිවිය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ තිසර පෙරේරාට අද සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන් රුබෙල් හුසෙන් ලකුණු 2 කට ඔහුව දවාගත් අතර අසේල ගුණරත්නට රැුස් කරගත හැකි වුයේ ලකුනු 06ක් පමණි.

පන්දු යැවීමේදී රූබල් හුසේන් ලකුනු 46කට කඩුලු 04ක්ද මුස්තාෆිසර් රෙහෙමාන් ලකුනු 29කට කඩුලු 02ක්ද දවා ගත්හශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත්කර එක්දින වරම් හිමිකර දෙමින් ශෙහාන් මදුශංක කණ්ඩායමට කැඳවා ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර එනමුල් හක් අබුල් හසන් සහ නසීර් හුසේන් කණ්ඩායමෙන් ඉවත්කර මොහොමඞ් මිතුන් මෙහෙදි හසන් සහ මොහොමඞ් සයිෆුඩීන් කණ්ඩායමට කැඳවුහ.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.

Comments

Popular posts from this blog

அழுகிய தக்காளியான அதிரடி கெய்ல் மும்பையிடம் ஏமாந்த டெல்லி அதிக விலைபோன ஸ்டோக்ஸ்

பிரபாகரன் மீது கலர் பொடியை தூவிய மதிவதனி: சுவாரசிய காதல் கதை

பிரேசில்: சிறுவன் இதயத்தை ஊடுருவிய கம்பி - உயிர்பிழைத்த அதிசயம்